අඩ සඳ රසාස්වාදය
කොළඹ යුගයේ දෙවන කවි තරංගය බිහිකල ප්‍රබල කවියෙකු වන මීමන ප්‍රේමතිලක කවියාගේ අඩ සඳ පද්‍ය පන්තිය රසාස්වාදය කරමු.
ක්‍රි.ව.1918 සැප්තැම්බර් 20 දා කබල්ලාගොඩ දී මීමන ප්‍රේමතිලකයන් උපත ලැබූහ. පාසල් අධ්‍යාපනයෙන් පසුව සිළුමිණ කතු මඩුල්ලට මොහු එකතු විය. පාළු ගම කිරිහාමි, ගමේ ගතිය, පෙම් පඬුරු ආදිය මීමන ප්‍රේමතිලකයන් රචිත කවි පොත් ය."මාගේ ප්‍රේමය කලාව හා ජීවිතය" මීමන ප්‍රේමතිලකයන්ගේ අවසන් කෘතිය විය. මීමන ප්‍රේමතිලක සූරීන් කොළඹ යුගයේ දෙවැනි තරංගය නියෝජනය කරයි.
ස්වභාව ධර්මයේ අපූරු හා විචිත්‍රවත් වස්තුවක් වන අඩ සඳ මීමන ප්‍රේමතිලකයන් මෙහි කාව්‍යානුභූතිය කොට ගෙන ඇත. අඩ සඳ අත්දැකීම් කරගනිමින් අඩ සඳ පද්‍ය රසවිදින සහෘදයා තුළ ශෘංගාරාත්මක කවි සිතුවිලි ගෙනහැර දක්වමින් සොබාදහමේ අපූර්වත්වය ගෙනහැර පෑම මෙහි මීමන ප්‍රේමතිලකයන්ගේ අරමුණ වී ඇත. අඩ සද පද්‍ය පන්තිය රචනයේදී සිවුපද ආකෘතිය භාවිත කොට ඇති කවියා මෙහිදී සමුද්‍රඝෝෂ විරිත භාවිත කොට ඇත.
අඩ සද කවි පෙළ ආරම්භ වන්නේ රාත්‍රී කාලයේ මීමන ප්‍රේමතිලකයන්ගේ සිතට දැනුනු හැඟීමක චමත්කාරය ත්‍රීව්‍ර කරමිනි.
මේදුනු රැගෙන එයි මා අභියස මලවී
වාවනු නොහැක නැතිවද ගී හඬ කුරවී
පායනු මැනවි අඩ සද පායනු මැනවී"
මීසුණු යනු මල් පැණියි. මල් පැණි හා මල් රේණු මිශ්‍ර සුලඟ සනීපය සුවය ගෙන දෙයි. නමුත් කවියා පවසනුයේ මල් පැණි හා මල් රේණු මිශ්‍ර සුලඟ මේ අවස්ථාවේ දී අනංගයාගේ විරහ ආයුධ කරගෙන ඇති බවයි. සැබැවින්ම ඒ සනීපවත් සුලඟ තුළ ඔහුගේ අහිමිව ගිය ප්‍රේමය කවියාට ගෙන දෙන වේදනාව අමුතුම භාෂාවකින් කවියට නගා ඇති අයුරු අපූරුයි. තරමක් තේරුම් ගැනීමට අපහසු වචන ගැලපීමක් තුළින් ඉදිරිපත් කරන මේ හැගීම් මීමන ප්‍රේමතිලකයන්ගේ කවීත්වය මනාව නිරූපණය කරයි. "කුර වි" යනු කෝකිලයායි. ප්‍රේමයේ විරහව තීව්‍ර කරනා කොවුලාගේ නාදය කවියාට ඉවසුම් නොදෙයි. එමෙන්ම අවසානයේ භාවිත කර ඇති "පායනු මැනවි අඩ සඳ පායනු මැනවී" යන්න අපූරු අනුප්‍රාසාත්මක පද භාවිතයකි. පිරුණු සඳ පායා එන තෙක් ඉවසා සිටිය නොහැකි බැව් පවසන කවියාගේ ව්‍යංගාර්ථය අලුත් ප්‍රේමයක් ද නැති නම් අහිමිව ගිය ප්‍රේමය ද? කුමක් හෝ වේවා මේ අනුප්‍රාසාත්මක රාවයේ මීමන ප්‍රේමතිලක ශූරීන් අපූරුවට ගැබ් ගන්වා ඇත්තේ ඒ වෙනුවෙන් ඔහු නොඉවසිල්ලෙන් පසු වන බවයි.
මේ අනුව මීමන ප්‍රේමතිලකයන් තම පරිකල්පන ශක්තිය මෙහෙයවා අර්ධ චන්ද්‍රයා ස්වකීය ජීවිතයේ විවිධ ආකෘති වලට ඔබ්බවාලයි. එය රූපකාලංකාරය භාවිතා කර කවියා මෙලෙස දක්වාලයි.
උඩුතොල ඇයගේ ඇයගේ පිළිරුවකට රැගෙන වරෙන්"
ප්‍රේමතිලක කවියා තරුණියකගේ උඩු තොල යටිකුරු කළ සඳ පළුවකට සමාන කොට රූපකාලංකාරය ගොඩනංවා ඇත. එය ශෘංගාර රසයෙන් යුක්තය. දෙතොලෙහි අමා රසය පිරී ඇති තරුණියකගෙ උඩු තොලක් සඳෙන් පිළිබිඹු වන බව කවියාගේ අදහසයි.
ගොටුවක අමා බහමින් වෙල වියන වසා
තුටු කර ඔහුව අප වැනි අය ගැන ම අසා
බටු වැනි ඔබත් ලොව පැවතුණු අඳුර නසා"
මෙහිදී ද ප්‍රේමතිලක කවියා අඩ සඳ අමෘතය පිරවූ ගොටුවකට සමාන කරයි. දළැසිහු යන්න ඊශ්වර හැඳින්වීමට භාවිතා කරන අපර නාමයකි. කවියා මෙහිදී පවසන්නේ ඊශ්වර යුවතියකගේ පටු නළල වැනි ඌ අඩ සඳට ඊර්ෂ්‍යා කරන බවයි. තමාට අහිමි දේ වෙනකෙකු සතු වූ කල ඊට ඊර්ෂ්‍යා කිරීම ලෝකයාගේ සිරිත ය. සඳ පළුවකට මෘදු මෙන්ම දැඩි සිතැඟි ද සමනය කිරීමෙහිලා ඇති ශක්තිය මෙමගින් ගම්‍ය වෙයි. එතකින් නොනවතින ප්‍රේමතිලක කවියා,
මුව ඇගේ මවන හැටි එයි හුරු පුරුදු වෙලා"
කලාවෙන් කලාව වර්ධනය වී පිරුණු චන්ද්‍රයා බවට පත් කිරීම අදහස් වන අතර කවියාට අනුව අඩ සඳ යුවතියකගේ නළල නිරූපණය කරනුයේ අනාගතයේ දී මුව මඬල රූපණය කිරීමට දැයි අඩ සද පද්‍ය රසවිදින සහෘදයාට සිතෙයි.
සුන්දර සුරඹ පෙති පෙති කැපු වියරු ගැනී
රන් තැඹිලියක ඇස්සක් නුබ පතිත විණී
ඉන් ඔබ මැවුණු බව කවියා හොඳට දනී"
සිය පූර්ණ පයෝධර රන් තැඹිලිය හා සැසඳූ දෙව්ලියක් තැඹිලි ගෙඩිය සමඟ කෝප වී එය පෙති ගසා දැමුවා ය. ප්‍රේමතිලක කවියා පවසනුයේ එලෙස පෙති ගැසූ තැඹිලි ඇස්සක් අහසට වැටී අඩසඳ නිර්මාණය වූ බවයි. අඬ සඳෙහි රූප සෞන්දර්යය චමත්කාරයට නැංවීමට කවියා අතිශයෝක්ති අලංකරණය භාවිතා කොට ඇත. එමෙන්ම අඩ සඳෙහි නිමැවුම සංකල්ප රූපයක් ද සහෘද සිතෙහි ගැබ්කරවාලයි.
දෑකැති හදමු කපනට සර වනය නිතී
මේගතියකින් සුරඹුවො සුරලොවෙහි ඇතී
පාදෙති ඔබව හැඬහුරුකම ගැනද සිතී"
දිව්‍යාංගනාවෝ නෙලුම් මල් සමඟ අමනාපයෙන් පසුවෙති. ඊට හේතුව වන්නේ ඔවුන්ගේ මුහුණ නෙළුමකට සමාන කිරීමයි. මෙහිදී රූපකාලංකාරය ද ගොඩනැගී ඇත. එකී දෙවඟනන් හට දෑකැති නිපදවීමට පහසු මගක් ලැබී ඇත. චන්ද්‍රාලෝකය වැටෙත්ම තඹුරු වනය මුකුලිත වන බව සුප්‍රකට සංකල්පයකි. මේ නිසා අඩ සඳ අහසට නැංවීම දෙවගනුන්ගේ අදිටන විය. මෙහෙදී දෑකැත්ත අඩ සඳෙහි පවත්නා හැඩයට සමාන කර ඇත. නෙළුම් වනය කැපීමට දෑකැති සෙවූ සුරඹුන් ට අඩසඳ නමැති දෑකැත්ත හමුවිය. එය අවස්ථානුකූලව කදිම ආයුධයකි.
මීකන් තොමෝ මද නල දී ඔබගේ ගතින්
ආයෙත් ගිමන් නිවමින් ඇති හෙයිනි ඉතින්
බීමත් වන්න කුමුදක රස කිරණ විතින්"
දිවා කාලය හිරු රැස් විඩා වූ ලෝකය නිවී සැනසෙන්නේ රාත්‍රී කාලයේදීය. ඊට උපකාර කරන සෞම්‍ය සිසිලස වන්නේ සඳ පානයි. ප්‍රේමතිලක කවියා ඒ බව පවසන්නේ වක්‍රෝත්තියෙනි.මෙහිදීද තුරුපත් අවානකට සමාන කරයි. එය කවියා සුසංයෝග කරනුයේ "තුරු කොළ විජිනි පත" යනුවෙනි.
කොළඹ යුගයේ කවීන්ට ආවේණික වූ සිව්පද ආකෘතිය වහල් කොට ගෙන, සම්භාව්‍ය භාෂාවන්ද යොදාගනිමින් උපමා, රූපක ආදිය භාවිත කොට තම පද්‍ය සාර්ථක කර ගැනීමට මිමන ප්‍රේමතිලක සූරීන්ට හැකි වී තිබෙන අතර තම අරමුණු සාර්ථක කර ගැනීමට සමත් පද්‍ය පන්තියක් ලෙස අඩසඳ පද්‍ය පන්තිය අගය කළ හැකිය.
(සංඝමිත්තා බාලිකා විද්‍යාලය
කිරිඳිවැල)
Comments